උණුසුම් පුවත්

චන්ද්‍රිකා නවයක් කක්ෂගත කළ චීනයේ Gravity-1 මෙහෙයුම සාර්ථකයි

ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට Gravity-1 වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට චීනය සමත්ව ඇත.

(0)Comments | July 23, 2026  1:13 pm

මේ වසරේ මුල් මාස හයට ළමා අපයෝජන පැමිණිලි 5,523ක් 

2015 - 2025 දක්වා ගත වූ වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ් මහත්මිය පවසයි. 

(0)Comments | July 23, 2026  12:53 pm

දින දෙකක ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | July 23, 2026  12:43 pm

දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

(0)Comments | July 23, 2026  12:17 pm

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (23) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | July 23, 2026  12:12 pm

නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 23, 2026  12:05 pm

බෙලිඅත්තේ පොලිස් නිලධාරියෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

(0)Comments | July 23, 2026  12:00 pm

පොදු හතුරාට එරෙහිව කඳවුරු බැඳීම

මෙරට වත්මන් දේශපාලන කේෂ්ත්‍රයේ ඓතිහාසික දිනයක් ලෙස අද (23) දිනය සැලකිය හැකි බව දේශපාලන විචාරකයින් පවසයි.

(0)Comments | July 23, 2026  11:46 am

23 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ අද ඇරඹෙයි

ලෝකයේ ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙලවන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (23) ආරම්භ වෙයි.

(0)Comments | July 23, 2026  11:26 am

හොර පාරෙන් ගෙනා ලක්ෂ ගාණක චීන දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හතලිස් නව ලක්ෂ පනස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 23, 2026  11:09 am

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම ඉවතට

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.

(0)Comments | July 23, 2026  10:45 am

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමනාගමනයට බාධා

​හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අද (23) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.

(0)Comments | July 23, 2026  10:10 am

එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක් 

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.

(0)Comments | July 23, 2026  9:58 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.

(0)Comments | July 23, 2026  9:30 am

ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට පැලවත්තේ නිවසකින් ගිනි අවියක් හමුවෙයි

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී, එක් නිවසක තිබී ගිනි අවියක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

(0)Comments | July 23, 2026  9:24 am

පාතාල තර්ජන මැද අද ඇරඹෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය අද (23) ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු මස 05 දින දක්වා පැවැත්වීමට නියමිතය.

(0)Comments | July 23, 2026  8:28 am

දෙවුන්දර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් සොයාගනී

මාතර, දෙවුන්දර දේවාලය ආසන්නයේ පිහිටි නිවසකට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් නොනවත්වා ධාවනය කර ඇත.

(0)Comments | July 23, 2026  8:07 am

රුධිර පරීක්ෂාවකට වැඩියෙන් ගත් රු.150 වෙනුවෙන් පෞද්ගලික රෝහලකට මිලියන 3ක දඩයක්

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අය කරනු ලබන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්  නියමිත උපරිම ගාස්තු පනවා ඇත.

(0)Comments | July 23, 2026  7:46 am

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයට ජාත්‍යන්තර උසස් වීමක්

ශ්‍රී ලංකා ගුවන්ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරිම්වල ඉහළට පැමිණ තිබේ.

(0)Comments | July 23, 2026  7:38 am

ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක මෙන්න

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් හා ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

(0)Comments | July 23, 2026  7:15 am

විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද හවසට විශේෂ සාකච්ඡාවක

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබේ.

(0)Comments | July 23, 2026  6:42 am

උතුරු - නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න -ජනපති

උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීමට ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද,

(0)Comments | July 23, 2026  6:36 am

අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

(0)Comments | July 23, 2026  6:16 am

මිතුරන් සමඟ නාන්න ගිය 15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී අතුරුදන්

ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ගම්පොළ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

(0)Comments | July 23, 2026  5:55 am

අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක්

අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරයි.

(0)Comments | July 23, 2026  5:39 am