උණුසුම් පුවත්

බංග්ලාදේශයේ අවසන් තීරණය ICCයට දැනුම්දෙයි

තවත් දින කිහිපයකින් ආරම්භවන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යෑම පිළිබඳ අවසන් තීරණය බංග්ලාදේශ ක්‍රිකට් ආයතය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) අද (22) පස්වරුවේ දැනුම්දී තිබේ.

(0)Comments | January 22, 2026  5:35 pm

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ.

(0)Comments | January 22, 2026  5:04 pm

හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.

(0)Comments | January 22, 2026  4:25 pm

උලපනේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඉන් පිටත්ව ගොස් තිබේ. 

(0)Comments | January 22, 2026  4:09 pm

හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. 

(0)Comments | January 22, 2026  3:44 pm

ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

(0)Comments | January 22, 2026  3:31 pm

අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

(0)Comments | January 22, 2026  3:09 pm

නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති 

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 

(0)Comments | January 22, 2026  2:59 pm

ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | January 22, 2026  2:55 pm

නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය අවසන්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22)දහවල් 2කට අවසන් කළේය.

(0)Comments | January 22, 2026  2:28 pm

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (22) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(0)Comments | January 22, 2026  2:10 pm

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ - අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

(0)Comments | January 22, 2026  1:51 pm

රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස  හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. 

(0)Comments | January 22, 2026  1:11 pm

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ. 

(0)Comments | January 22, 2026  12:49 pm

2025දී මෙරටින් ලාදුරු රෝගීන් 1282ක්

2025 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1,282 දෙනෙකු වාර්තා වී ඇති බව, ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පවසයි.

(0)Comments | January 22, 2026  12:46 pm

මාතලේ බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට‍‍

මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

(0)Comments | January 22, 2026  12:15 pm

යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 22, 2026  12:07 pm

සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි 

දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. 

(0)Comments | January 22, 2026  11:32 am

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කැපෙන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.

(0)Comments | January 22, 2026  11:20 am

සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය

සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. 

(0)Comments | January 22, 2026  11:07 am

සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලයට නාය අවදානමක්

බදුල්ල - සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත.

(0)Comments | January 22, 2026  10:53 am

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් වලින් වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.

(0)Comments | January 22, 2026  10:37 am

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට

අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | January 22, 2026  10:08 am

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

(0)Comments | January 22, 2026  9:34 am

ගලහෙන් හමුවු විශේෂිත පාෂාණය ගැන වාර්තාව එළියට

මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ.

(0)Comments | January 22, 2026  9:30 am