උණුසුම් පුවත්
අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ.
මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කෙරේ
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබේ.
පොල් හිඟය උග්‍ර වෙයි - පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින්
ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි.
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.
මීතොටමුල්ල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කරයි
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර නිවාස 24ක පදිංචිකරුවන් අධිකරණ නියෝගයක් අනුව ඉවත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද (21) කටයුතු කළේය.
දේවාලයකින් සොරකම් කළ ප්‍රතිමා 4ක් සොයාගනී
පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රතිමා සොරකම් කළ හිටපු හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු හංවැල්ල - නිරිපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක්
මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.
නව පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ.
පොල් ගැටලුවට විසඳුම්
උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අපරාධ කල්ලි මර්දනයට STF කුඩා කණ්ඩායම්
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ.
ආපදා හේතුවෙන් පවුල් 5,821ක පුද්ගලයින් 19,032 ක් පීඩාවට
දිස්ත්‍රික්ක 18කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙවර අයවැයෙන් සියලුම පළාත්වලට බෙදීයන ආර්ථික සැලසුමක්
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෑත කාලයේ සිදුවූ අපරාධ ගැන සුවිශේෂී වාර්තාවක් එළියට
මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
මන්ත්‍රී අර්චුනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
18 වංගුව නැවත දැනුම්දෙන තුරු රාත්‍රි කාලයේදී වසා දැමේ
කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ.
මාර්ග නීති බිඳින රියදුරන්ට ඉතා පහසුවෙන් දඩ කොළය නිවසටම
පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළි දක්වා තිබේ.
කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය.
CIDයට ගිය මනූෂ පැය 6කට පසු එළියට
ප්‍රකාශයක් ලබාදීමෙන් පසු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි.
අල්ලස් ගත් ආගමන විගමන නිලධාරීවරයෙකු අත්අඩංගුවට
වීසා නොමැතිව රැඳී සිටි පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබා ගත් ආගමන විගමන නිලධාරීවරයෙක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සජීවීව මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (21) පස්වරු 2ට ආරම්භ කෙරුණි.
පොළොන්නරුව මනම්පිටිය දුම්රිය නවතී
පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුගේ නඩුවක් කල් යයි
හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුරු සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.
ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය
නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසයි.