උණුසුම් පුවත්

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ. 

(0)Comments | June 2, 2026  9:01 am

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 6ක් මරුට

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, මිසිසිපි ගඟ අසල පිහිටි අයෝවා ප්‍රාන්තයේ Muscatine වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් මෙලෙස පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය සනාථ කර තිබේ.

(0)Comments | June 2, 2026  8:44 am

ජලභිතිකා මර්දනයට වසරකට රුපියල් බිලියන 5ක් වැය කෙරේ

ජලභීතිකා රෝගය පාලනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කරන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.

(0)Comments | June 2, 2026  7:49 am

පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපරකරණ සමඟ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | June 2, 2026  6:55 am

බස් ධාවනය ගැන අවසන් තීරණය අද - සංගම් සියල්ල රැස්වෙයි

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ.

(0)Comments | June 2, 2026  6:49 am

ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත් ලෙබනනය ප්‍රකාශ කරයි.  

(0)Comments | June 2, 2026  6:21 am

තවත් මාරක අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි

පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

(0)Comments | June 2, 2026  5:52 am

උද්ධමනය 7%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

(0)Comments | June 2, 2026  5:50 am

ප්‍රදේශ කිහිපයකට අද හවසට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | June 2, 2026  5:23 am

කෘෂි අමාත්‍යංශය සහ පොහොර ගෙන්වීමේ සමාගම් අතර විශේෂ සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මෙරටට පොහොර ගෙන්වන සමාගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (01) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. 

(0)Comments | June 1, 2026  10:12 pm

ගැබිනි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන අද  (01) සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ.

(0)Comments | June 1, 2026  9:46 pm

මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදාගේ ඇපෑල ඉවතට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.

(0)Comments | June 1, 2026  8:29 pm

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක්

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

(0)Comments | June 1, 2026  7:29 pm

විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 16,000ක් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය නිවේදනය කරයි.

(0)Comments | June 1, 2026  6:58 pm

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි ,අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ලබාදුන්හ.

(0)Comments | June 1, 2026  6:49 pm

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි 

ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය. 

(0)Comments | June 1, 2026  6:10 pm

කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

කුලී ගමනක් යන බව පවසා ප්‍රසිද්ධ කුලීරථ සේවා ආයතනයක රථයකට නැග එහි රියදුරුගෙන් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. 

(0)Comments | June 1, 2026  5:55 pm

පසුගිය 29 සහ 30 දෙදින සිදුවූ රිය අනතුරු 19කින් 24දෙනෙක් මරුට 

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 19කින් පුද්ගලයින් 24දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

(0)Comments | June 1, 2026  5:47 pm

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය මාදම්පේ දක්වා පමණයි

දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන් කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා පමණක් සීමා වන බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.

(0)Comments | June 1, 2026  5:32 pm

ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 

(0)Comments | June 1, 2026  5:16 pm

කළුතර වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට

පසුගිය 28 වෙනිදා කළුතර වෙට්ටුම කඩේ ප්‍රදේශයේදී වෙඩි තබා ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | June 1, 2026  4:59 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල හෙට (02) වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | June 1, 2026  4:55 pm

ඩුබායි සුද්දා අත්අඩංගුවට

සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද (1) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.  

(0)Comments | June 1, 2026  4:40 pm

ප්‍රපාතයට ගිය කාර් රථයක් කුමාරඇල්ල පාලම අසලින් සොයා ගැනේ

පොළොන්නරුව, බකමූණ පොලිස් වසමට අයත් දඹුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ 'කුමාරඇල්ල' ප්‍රදේශයේ දී අඹන් ගඟ හරහා ඇති කුමාරඇල්ල පාලම අසළ රිය අනතුරක් සිදුව ඇති බව බකමූණ පොලීසිය පවසයි.

(0)Comments | June 1, 2026  4:28 pm

ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ - ආනන්ද විජේපාල

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් දැනුම්දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

(0)Comments | June 1, 2026  4:26 pm