උණුසුම් පුවත්
ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධය
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි.
හිටපු ජනපති රනිල් බදාදා CIDය හමුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.
සිරදඬුවම් විඳින හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනුකළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බවය.
හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝ 110ක් වීරකැටියෙන් හමුවෙයි
වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක තොගයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විශේෂ රාජකාරි සඳහා පාරිභෝගික අධිකාරිය පූජා නගරයට
පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 11 සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩතහනම්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩතහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි.
කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක්
කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
රවී කුමුදේශ්ගේ වැඩතහනම් කෙරේ
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබේ.
හරක් කටාගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසමට පහසුකම් සලසන්නැයි නියෝගයක්
මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියම කළේය.
උදය ගම්මන්පිලගෙන් CIDයට පැය තුනක ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබේ.
පොසොන් උත්සවයේ මාධ්‍ය දායකත්වය 16 වන වරටත් දෙරණින්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු අනුරාධපුර ජාතික පොසොන් කමිටුව සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟින් අත්වැල් බැදගනිමින් අඛණ්ඩව පොසොන් උත්සවයේ මාධ්‍ය දායක්තවය මෙවත් දෙරණ මාධ්‍ය ජාලය විසින් සිදුකරනු ලබයි.
හිටපු ඇමති මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
අප්‍රේල් මාසයේ දී බදු ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්
2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබේ.
ට්‍රම්ප්ගේ පය පැටලෙයි
අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.
ට්‍රම්‍ප්ගේ අලුත්ම නීතිය අද සිට ක්‍රියාත්මකයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් විසින් රටවල් 12ක් පුද්ගලයින්ට එරටට ඇතුලු වීම සඳහා පැනවු තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වේ.
ගම්මන්පිල CIDයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පොලීසියේ ලොකු පුටු මාරුවක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද සේවයෙන් නීත්‍යානූකූලව ඉවත්ව ගිය 10,000ක් පොලීසියට ගන්න රජයෙන් සැලසුම්
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
නීතිවිරෝධී දුම්වැටි සමඟ අයෙකු කටුනායකදී අල්ලයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී නීති විරෝධි දුම්වැටි 7600 ක් (කාටූන් 28) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පශු වෛද්‍ය වර්ජනය අරඹයි
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.