උණුසුම් පුවත්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවාස සංකීර්ණයේ ගින්නක්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක අද (19) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

(0)Comments | July 19, 2026  7:24 am

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් හෙරොයින් කිලෝ 2ක් සහ මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් මෙන්ම මත්පෙති තොගයක් සමග අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 19, 2026  6:43 am

ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් 

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 19, 2026  6:27 am

ඉරානය ජෝර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට 

ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | July 18, 2026  11:31 pm

ජාතික යොවුන් බොක්සිං ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයට

2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය.

(0)Comments | July 18, 2026  11:17 pm

රජයට අහිමිවන බදු ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

(0)Comments | July 18, 2026  10:21 pm

FIFA පාපන්දු ලෝක කුසලානයේ කතාව 

FIFA පාපන්දු ලෝක කුසලානය කිලෝග්‍රෑම් 6.1ක බරින් යුත් අතර ඉන් කිලෝග්‍රෑම් 5.09ක්ම කැරට් 18 රන්වලින් නිමවා තිබේ.

(0)Comments | July 18, 2026  9:54 pm

අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සමග පුද්ගලයෙකු හිරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 18, 2026  9:47 pm

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක් 

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත්විය. 

(0)Comments | July 18, 2026  8:35 pm

වසරේ මුල් මාස 6ට වැඩිම ඩෙංගු පරිශ්‍ර පාසල්වලින්

වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබේ.

(0)Comments | July 18, 2026  8:28 pm

හිටපු පොලිස්පතිවරයාගේ අවසන් කටයුතු ලබන සඳුදා

හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර තිබේ.

(0)Comments | July 18, 2026  7:22 pm

තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක් 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.

(0)Comments | July 18, 2026  6:51 pm

වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්

මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.

(0)Comments | July 18, 2026  5:50 pm

පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ 

පොතුවිල් මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ. 

(0)Comments | July 18, 2026  5:32 pm

රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගමේ ගබඩා දෙකකට යුක්‍රේන ප්‍රහාරයක්

රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳ සමාගම වන 'Wildberries' (වයිල්ඩ්බෙරීස්) හි ගබඩා දෙකකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

(0)Comments | July 18, 2026  5:14 pm

කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.

(0)Comments | July 18, 2026  4:14 pm

පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,නවගම ප්‍රදේශයේදී අද(18) අලුයම සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

(0)Comments | July 18, 2026  3:17 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට උපහාර දැක්වීමක් ලෙස අද පැවැත්වෙන LPL තරග ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමට තීරණය කර ඇත.

(0)Comments | July 18, 2026  3:12 pm

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ ආසියා-පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

(0)Comments | July 18, 2026  2:51 pm

මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර තබාගත් 4,672කට එරෙහිව නීතිමය පියවර

මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයන්හි නඩු 4,672ක් පැවරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | July 18, 2026  2:05 pm

ගතවූ පැය 24ට ඩෙංගු මරණ 3ක් - සමස්ත මරණ 53ක් වෙයි

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇත.

(0)Comments | July 18, 2026  12:45 pm

රු. කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 18, 2026  12:10 pm

නීතිවිරෝධී යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16ක් අත්අඩංගුවට

නීත්‍යානුකූල නොවන ලෙස ‍මුල් ආකෘතිය වෙනස් කර සකස් කර තිබු යතුරුපැදි 16ක් සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 18, 2026  11:50 am

තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද දන්නෑ - කෘෂි නි. ඇමති නාමල් 

විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වනවිටත් අධිකරණයෙන් ඇප ලබා සිටින බවත්, ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

(0)Comments | July 18, 2026  11:32 am

ලක්ෂ ගණනක ස්මාර්ට් ‍‍ෆෝන් සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු මාට්ටු 

ජංගම දුරකතන අලෙවිසැළක ඉදිරිපස වීදුරුව බිඳදමා රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සහ මුදල් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ පිරිවෙන් සිසුන් දෙදෙනෙකු එප්පාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | July 18, 2026  10:50 am