උණුසුම් පුවත්

රටම එකට මෙහෙයුම් යටතේ සැකකරුවන් 882ක් අත්අඩංගුවට

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික පොලිස් සෝදිසි මෙහෙයුම් පිළිබඳ වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 18, 2026  2:48 pm

මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ.

(0)Comments | January 18, 2026  2:32 pm

තරුණයෙකු දිවි අහිමි කළ අලව්වේ වෙඩිල්ල

අලව්ව විල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

(0)Comments | January 18, 2026  2:21 pm

දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්

කොළඹ සිට පුත්තලම පාලවිය දක්වා දුම්රිය ධාවනය හෙට (19) සිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | January 18, 2026  2:02 pm

2025 වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන්

පසුගිය වසරේ මෙරටට විදේශ සංචාරකයින් මිලියන 2.3ක ප්‍රමාණයක් පැමිණ ඇති බව සංචාරක අධිකාරිය පවසයි. ඊට වැඩිම දායකත්වයක් ඉන්දියානු සංචාරකයින් ලබාදී ඇති අතර එම සංඛ්‍යාව 531,511කි.

(0)Comments | January 18, 2026  1:15 pm

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | January 18, 2026  1:10 pm

අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ.

(0)Comments | January 18, 2026  11:59 am

දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගත යුතුයි - හරිනි අමරසූරිය

දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට පුරුදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. 

(0)Comments | January 18, 2026  11:58 am

දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (17) දිනයේදී පුද්ගලයින් රැසක් පරීක්ෂාවට ලක් කර තිබේ.

(0)Comments | January 18, 2026  11:25 am

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

'තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි' පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 18, 2026  11:00 am

කොත්මලේ මාර්ග කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කෙරේ

දිට්වා සුලි කුණාටුවෙන් වැඩිම හානියක් සිදු වූ කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ශ්‍රම මෙහෙයුමකින් යළි යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

(0)Comments | January 18, 2026  10:52 am

ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

(0)Comments | January 18, 2026  10:50 am

කොළඹ - කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණි.  

(0)Comments | January 18, 2026  9:50 am

හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි - රියදුරු ජීවිතක්ෂයට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ  බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබේ.

(0)Comments | January 18, 2026  8:26 am

ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි

ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | January 18, 2026  7:43 am

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

(0)Comments | January 18, 2026  6:34 am

බොහෝ ප්‍රදේශවල අද වියළි කාලගුණික තත්ත්වයක් 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | January 18, 2026  6:20 am

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින කිරුළ ජනනි ඉමත්මා දිනා ගනියි

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර "දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින තාරකාවිය ලෙස කිරුළු පැලඳීමට ජනනි ඉමත්මා අද (17) සමත්විය.

(0)Comments | January 18, 2026  1:02 am

ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකට ට්‍රම්ප්ගෙන් අමතර තීරු බද්දක්

එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

(0)Comments | January 17, 2026  10:22 pm

යොවේරි මුසෙවෙනි හත්වැනි වරටත් උගන්ඩාවේ ජනපති ධුරයට 

උගන්ඩාවේ ජනාධිපතිවරණය හත්වැනි වරටත් ජයගැනීමට 81 හැවිදිරි වියෙහි පසුවන යොවේරි මුසෙවෙනි සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

(0)Comments | January 17, 2026  9:49 pm

ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන පලනි රිමෝෂන් නැමැත්තා මෙහෙයවා ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

(0)Comments | January 17, 2026  9:36 pm

ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතා

ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට විරෝධය පා ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතාවක් නිර්මාණය වී තිබේ.

(0)Comments | January 17, 2026  8:51 pm

ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි 

රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකීක ගුවන් මගීයෙක් අද (17) කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | January 17, 2026  8:29 pm

බෞද්ධයා යාපනයට රැගෙන ගියේ වෛරය නොව සෙනෙහසයි

ශ්‍රී මහබෝධිය පසුකරමින් බෞද්ධයා යාපනයට රැගෙන ගියේ, වෛරය නොව සෙනෙහස බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. 

(0)Comments | January 17, 2026  7:37 pm

ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින් 

ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

(0)Comments | January 17, 2026  6:39 pm