උණුසුම් පුවත්
තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පාර්සල දෙහිබාලේ නම් අපරාධකරුගේ බව හෙළිවෙයි
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉෂාරා කොටුකරගත් නේපාල මෙහෙයුම - තංගල්ලෙත් සැඟව ඉඳලා
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි තමා ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණ කර තිබේ.
කෝටි ගාණක භාණ්ඩ හොරකම් කළ ‘හැලඹ රමේෂ්’ අත්අඩංගුවට
නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන ‘හැලඹ රමේෂ්’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර
අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඔන්ලයින් ණය ලබා ගැනීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන ඔස්සේ ආකර්ශනීය ලෙස දැන්වීම් පළ කරමින් කිසිදු ඇපයකින් තොරව ක්ෂණික ණය මුදල් ලබාගත හැකි බව පෙන්වා දෙමින් ණය ලබාදීම සඳහා ඉදිරිපත් වූ ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිරීක්‍ෂණය කර ඇත.
රේගුව දිනක් තුළ ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දිනයේ වාර්තා කර තිබේ.
ලොකු පැටී ගේ මුදල් පාලනය කළ කපු මහතෙකු අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහතෙකු අද (16) අත්අඩංගුවට ගෙන ඇත.
අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.
2 වසරේ සිසුවියට විදුහල්පති දුන් අමානුෂික දඬුවම
පාසල් සිසුවියකට ලී පතුරකින් පහර දුන් ආණමඩුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ.
මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සඟවන බවට චෝදනාවක්
මහා පරිමාණ මෝල්හිමියන් කීරි සම්බා සහල් තොග සැඟවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළේ අද වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ගොවීන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසයි.
මතට ඇබ්බැහිවූවන් වෙනුවෙන් ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්
මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
මාස 3ක් තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක් නිකුත් කිරීමට සැලසුම්
මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.
ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවිය.
නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන් නඩු ගාස්තු ලෙස රු.මි. 15.01ක් වැයකරලා
2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනු කළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.1ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප
2019 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස නැමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාසව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
ඉෂාරා ඇතුළු හයදෙනාගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරයි
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනාගෙන් මේවන විට පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරමින් සිටී.
රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීම ගැන අධිකරණයට දැනුම්දීමක්
මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
WTO ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය අරඹයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ (15) ආරම්භ විය.
රන් මිල අහස උසට - කැරට් 24 ලක්ෂ 4ට ළංවෙයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
138වන චීනයේ කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ
138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (15) චීනයේ Guangzhou නගරයේ දී ආරම්භ විය.
සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක ඊයේ වාර්තාව
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි.
පොලිස් නාකොටික් ලොක්කාව ස්ථානමාරු කළ ඇත්තම හේතුව හෙළිවෙයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථානමාරුවක් ලබාදෙනු ලැබුවේ ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක්
සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ.