උණුසුම් පුවත්

හෙට ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (21) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 20, 2026  3:07 pm

ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරග වැදීමට නම් ලිංගභේද පරික්ෂාව අනිවාර්යයි

ලෝක කාන්තා ටෙනිස් පිටියේ තරඟ වැදීම සඳහා ක්‍රීඩිකාවන් තම ජීවිත කාලය තුළ එක් වරක් පමණක් සිදු කළ යුතු අනිවාර්ය ජාන පරීක්ෂණයකින් සමත් විය යුතු බව කාන්තා ටෙනිස් සංගමය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

(0)Comments | July 20, 2026  3:00 pm

ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවා තිබේ.

(0)Comments | July 20, 2026  2:01 pm

දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19) දිනයේදී පුද්ගලයින් රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 20, 2026  1:59 pm

මැදිහත්කරුවන් මාර්ගයෙන් අමෙරිකාව සමඟ සාකච්ඡා තවමත් ක්‍රියාත්මකයි -  ඉරානය

අමෙරිකානු මිලිටරි ප්‍රහාර මධ්‍යයේ වුවද, මැදිහත්කරුවන් මාර්ගයෙන් ඔවුන් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයන් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.

(0)Comments | July 20, 2026  1:53 pm

දරුවන් දෙදෙනෙකුට පිය සෙනෙහස අහිමිකළ මාරක අනතුර

ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්ධිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු අද (20) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 20, 2026  1:23 pm

මෙරට සමග ඇති ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම (Double Taxation Avoidance Agreement - DTAA) සඳහා ඉන්දියාව සංශෝධනයක් සිදු කර තිබේ.

(0)Comments | July 20, 2026  12:51 pm

නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණ.

(0)Comments | July 20, 2026  12:38 pm

ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

(0)Comments | July 20, 2026  12:25 pm

AI නීති සම්පාදනය වන වේදිකාවන්හි අප වැනි රටවලටත් ඉඩක් අවශ්‍යයි - නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධ ගෝලීය පාලන රාමුව සකස් කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬට ද සමාන අවස්ථාවක් හිමිවිය යුතු බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි.

(0)Comments | July 20, 2026  12:22 pm

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | July 20, 2026  11:45 am

ගත වූ පැය 24ට අනතුරුවලින් 6දෙනෙකු මියගිහින්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 20, 2026  11:14 am

බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නඩු

බදු ගෙවිම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

(0)Comments | July 20, 2026  10:36 am

ඩෙංගු රෝගීන් 76,000 පනී

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 20, 2026  10:08 am

බොරතෙල් මිල ඉහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.

(0)Comments | July 20, 2026  9:51 am

බස් රථ ඇතුළු සියලු පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසයි.

(0)Comments | July 20, 2026  8:53 am

අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය වූ අද දෙරණ මෙරට ප්‍රවෘත්ති කලාව නව මානයකට යොමුකරමින් ආරම්භ කළ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට වසර 12ක් සපිරේ.

(0)Comments | July 20, 2026  8:30 am

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

(0)Comments | July 20, 2026  7:33 am

වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 20, 2026  6:40 am

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | July 20, 2026  6:04 am

වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය. 

(0)Comments | July 20, 2026  3:44 am

මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මරුට - තවත් දෙදෙනෙකුට බරපතළයි

තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 19, 2026  10:45 pm

දක්ෂිණ අධිවේගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

(0)Comments | July 19, 2026  9:31 pm

අධික වේගයෙන් ආ මෝටර් රථය ආරක්ෂිත වැටත් කඩාගෙන පෙරළෙයි

මොරටුව, රාවතවත්ත ප්‍රදේශයේ වේල්ස් කුමරි විදුහල ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් රිය අනතුරක් සිදුව ඇත.

(0)Comments | July 19, 2026  9:23 pm

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය විදුලි අර්බුදයක

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

(0)Comments | July 19, 2026  8:54 pm