උණුසුම් පුවත්
ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයක් දින 10ක් වසා තැබේ
ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
තැන් 3ක මනුෂ්‍ය ඝාතන 3ක් - වෑන් රථයකුත් කොල්ලකයි
පුද්ගලයෙකුගේ දෑත් දෙපා ගැට ගසා ඝාතනය කර නිවසේ තිබූ වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි.
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
අදත් ලොකු වැස්සක්
අද (14) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ටෙහෙරාන් නුවර පිපිරීම් කිහිපයක්
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රමාදය නිසා ගුවන් අනතුරින් දිවි බේරාගත් භූමි
දෛවය ජීවිතයට ලබාදෙන ඇතැම් අවස්ථා කෙතරම් වාසනාවන්තදැයි හැඟෙන සිදුවීමක් ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වුණි.
ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි
ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය.
ඉරානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක බව ට්‍රම්ප් කියයි
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඉතා සාර්ථක ප්‍රහාරයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට උප සභාපති ධුරය පොහොට්ටුවට
මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත් උප සභාපති ධුරය පොදුජන පෙරමුණටත් හිමිව තිබේ.
සාකච්ඡාවල නිරත වන්නැයි ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී.
ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරවලින් 78ක් මරුට
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 78ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයට ලබා දීම ජූනි 21 සිට
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අස්වැසුමේ මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් අත්අඩංගුවට
අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙල් අවිව් ගුවන්තොටුපොළ හා ඊශ්‍රායල් ගුවන් සීමාව නැවත දැනුම් දෙනතුරු වසා දමයි
ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඉරානයේ නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරල් සෙයිද් අබ්දුල් රහීම් පත් කරයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම් මවුසාවි පත් කර තිබේ.
සීනි බදු වංචාවට එරෙහි විමර්ශන අවසන්
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබීය.
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය
ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මැදපෙරදිග යුද උණුසුම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් මාර්ගවල වෙනසක්
මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
ITAK යාපනය මහනගර සභාවේ බලය පිහිටුවයි
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.