උණුසුම් පුවත්
ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
උපරිම උෂ්ණත්වය රත්නපුරයට
අද (19) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පියාට නින්ද ගොස් බිලිඳිය දෑතින් වැටී මිය ගිහින්
පියෙකු තුරුලේ නැලවෙමින් සිටි බිලිඳියක් පියාට නින්දයෑම හේතුවෙන් ඔහුගේ දෑතින් වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් බිලිඳිය මියයෑමේ සිද්ධියක් අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි
ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කළේය.
හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා - බිමල් රත්නායක
හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය
දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා අද (19) උදෑසන කටයුතු කර තිබේ.
හලාවතින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම් දී තිබේ.
Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්
"Rebuilding Sri Lanka" ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.
නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ඔබේ නමත් සඳට යැවීමට නාසා ආයතනයෙන් අවස්ථාව
නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.
මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මැණික් ආනයන බදු ක්‍රමය ලිහිල් කෙරේ
මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
"බාලදක්‍ෂ මාවත" ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ
කොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340ක් වන අතර පළල මීටර් 11ක් වේ.
ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.
06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්
තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
දිවයින පුරා මූල්‍ය වංචා රැසක් සිදු කළ අයෙක් කොටු
රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් තරුණයෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි
නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ.