උණුසුම් පුවත්
දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ බස් රථ ධාවන සැලැස්මක්
එළැඹෙන දීර්ඝ සති අන්තය සහ 20 වැනිදාට යෙදී ඇති දීපවාලී උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්
'Financial Times'හි fDi අංශය විසින් සිදුකරනු ලැබූ 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී 'ආසියා-පැසිෆික්' හොඳම දැනුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය (PCC) නම් කර ඇත.
ඇෆ්ගන් - පාකිස්තාන් දේශසීමා ගැටලු විසඳගන්න සාකච්ඡාවක්
ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසදාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ.
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි උපදෙස්
අධිකරණ පරිශයන් හී ගොඩගැසී ඇති නඩු භාණ්ඩ එළැඹෙන දෙසැම්බර් 31 වැනිදාට හෝ ඊට පෙර නිශ්කාෂණය කළ යුතු බවට දන්වමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
බස් රථයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ රියදුරා අත්අඩංගුවට
අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී හෙරොයින් සහ අයිස් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ.
ඉෂාරා අදත් රැගෙන යයි - තොරතුරු වසන් කළ PC අත්අඩංගුවට
විමර්ශන කටයුත්තක් සඳහා ඉෂාරා සෙව්වන්දි අදත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබේ.
මේ අතර පොලිසිය පැවසුවේ, ඇයට සැඟවී සිටීමට ආධාර අනුබලදුන් පොලිස් කොස්තාපල්වරයා තොරතුරු වසන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවය.
සැකකරුවෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට
බොරැල්ල කාදර්මානවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
උස්බෙකිස්තානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර ආරම්භ කරමින් අද (18) පැවති උස්බෙකිස්තානයට එරෙහි තරගයෙන් පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘෘ කුමරු ධුරය අත්හරියි
තමන් වෙත පිරිනමා ඇති යෝර්ක් හි ආදිපාද තනතුර අත්හරින බව බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු පවසා ඇත.
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්
දීපාවලි උත්සවය වෙනුවෙන් එළැඹෙන අඟහරුවාදා (21) දින මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඇෆ්ගනිස්තානයට එල්ල වූ ප්‍රහාරය රෂිඩ් හා නබි හෙළා දකියි
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරය ඇෆ්ගනිස්තාන ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන මොහොමඩ් නබි හා රෂිඩ් ඛාන් හෙළාදැක ඇත.
රන් මිල පහළට
මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ප්‍රකාශයක් දෙන්න නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස පොලීසියට
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.
දිස්ත්‍රික්ක 11කට නිකුත්කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නිකුත්කර තිබූ නායයෑම් අනතුර ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.
සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරු සල්ලි මල්ලක් සමග කොටු
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට
කළුතර බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබාදීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන්බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
අද (18) උදෑසන කාලයේ බස්නාහිර සහ දකුණු පළාත් වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
රුපියල් කෝටි 30කට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු තොගය
රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවෙකු මහියංගනය ආදි වාසී ගම්මානයේදී වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලානේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක්
රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.
''දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතුයි''
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි දෙරටේ නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.