උණුසුම් පුවත්

බ්‍රසීලයේ බස් අනතුරකින් 15 දෙනෙකු මරුට

ඊසානදිග බ්‍රසීලයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | October 19, 2025  12:29 pm

මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු කහව දී අත්අඩංගුවට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 359ක් සමඟ පුද්ගලයෙකු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | October 19, 2025  11:42 am

ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී 

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගම්පහ බබා' නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T - 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබේ.

(0)Comments | October 19, 2025  11:32 am

රාජ්‍ය ආයතන කිහිපයක ඇනහිටි මාර්ගගත සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත් 

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට ඇති වූ තාවකාලික බාධා වීම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

(0)Comments | October 19, 2025  11:10 am

පුංචි පුතෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටරයක ගැටී සිදු වූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

(0)Comments | October 19, 2025  11:10 am

අදත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් අදත් (19) ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

(0)Comments | October 19, 2025  10:42 am

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත්විය.

(0)Comments | October 19, 2025  10:33 am

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මැලේරියා රෝගීන් 35ක්

වසරේ ගෙවුණු කාලය තුළ පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

(0)Comments | October 19, 2025  9:52 am

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්

ශ්‍රී ලංකා යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනා ගැනීමට සමත් වී තිබේ.

(0)Comments | October 19, 2025  9:10 am

මත්ද්‍රව්‍ය පුරවාගෙන අමෙරිකාව දෙසට යාත්‍රා කළ සබ්මැරීනයකට ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය පුරවාගෙන අමෙරිකාව දෙසට යාත්‍රා කරමින් තිබූ සබ්මැරීනයක් විනාශ කිරීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

(0)Comments | October 19, 2025  8:34 am

රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ඇරඹෙයි

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්ව නව්‍ය භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය යොදා ගනිමින් රබර් ඉඩම් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

(0)Comments | October 19, 2025  7:50 am

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සටන් විරාමයක් සඳහා එකඟ වී තිබේ.

(0)Comments | October 19, 2025  7:29 am

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | October 19, 2025  7:17 am

ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | October 19, 2025  6:46 am

අගමැති හරිනි දිවයිනට

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

(0)Comments | October 19, 2025  6:18 am

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | October 19, 2025  6:04 am

කාලගුණයෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

(0)Comments | October 18, 2025  10:49 pm

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

(0)Comments | October 18, 2025  10:14 pm

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරු ගැන තවත් තොරතුරු එළියට

හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරුට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

(0)Comments | October 18, 2025  9:52 pm

රේගුවේ සිරවී ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන්නැයි ආනයනකරුවන්ට දැනුම්දීමක්

ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | October 18, 2025  9:10 pm

නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

(0)Comments | October 18, 2025  8:56 pm

වෘත්තිමය වගකීම නිසිලෙස ඉටුකරන රාජ්‍යය සේවයක් රටට අවශ්‍ය බව ජනපති කියයි

වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | October 18, 2025  8:07 pm

පොන්නි සම්බා සහල් ආනයනය සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් වෙයි

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

(0)Comments | October 18, 2025  7:57 pm

ඉෂාරා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ - වළදමා තිබීයදී දුරකතනයත් සොයා ගනී

නේපාලයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

(0)Comments | October 18, 2025  6:56 pm

දැඩි සුළං හේතුවෙන් කුරුණෑගල නිවාස 100කට අර්ධ හානි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශවලට ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

(0)Comments | October 18, 2025  6:43 pm