උණුසුම් පුවත්
තුර්කි තානාපති සහ දිලිත් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් (Semih Lutfu Turgut) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් කර තිබේ.
දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක්
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සත්ත්ව සුබසාධනය රජයේ ප්‍රමුඛතාවක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඩෙංගු තවදුරටත් අවදානමේ - ඇමති නලින්ද කියයි
ඉදිරි සති තුනක කාලය සඳහාද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස්
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් ප්‍රබල ගින්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.
රජය මිලදී ගත් වී ප්‍රමාණය ගැන හෙළිදරව්වක්
රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග ඊයේ (20) වන විට වී මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5ක් දක්වා ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජුනි මාසය සඳහා මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ රජයේ ස්ථාවරය ගැන ඇමති නලින්ද කියයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම තුළින් රජය බලාපොරොත්තු වනුයේ මේ වන විට උසාවිවල ගොඩ ගැසී ඇති නඩු කටයුතු ඉක්මනින් අවසන් කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් මිලියන හැටකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වු නඩුවට දෙවෙනි වරටත් පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා පැනවූ වරෙන්තු අද (21) නැවතත් දීර්ඝ කර තිබේ.
නීතිවිරෝධී වත්කම් පිළිබඳ නිවේදනය හකුලා ගන්න - එජාපයෙන් පොලීසියට ඉල්ලීමක්
නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් හෝ සුඛෝපභෝගී ජීවන රටාවක් ගතකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය පසුගිය ජූලි 09 වනදා නිකුත් කළ නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරයි.
කටුවාන ගින්නේ සංවේදී කතාව
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් අධික ලෙස පිළිස්සී සිටි බව පොලීසිය පවසයි.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවට අලුත් සර්වේයර් ජනරාල්වරියෙක්
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලංගමයට වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි - අගමැති හරිනි
මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (21) සිය සහතිකය සටහන් කර තිබේ.
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර ගැන දෙවන වරටත් දීර්ඝ සාකච්ඡාවක්
එල්-නිනෝ තත්ත්වය හමුවේ ගතයුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්ව තිබේ.
සංවේදී සටහනක් තබමින් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ක්‍රීඩාවට සමුදෙයි
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ.
කටුවාන ගින්නෙන් 5ක් මරුට
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
සිව් හැවිරිදි සිඟිත්තිය ඩෙංගු මාරයට බිලි
ඩෙංගු රක්තපාත උණ හේතුවෙන් වයස අවුරුදු හතරයි මාස දෙකක් වයසැති කුඩා දැරියක් ගාල්ල ජාතික රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ
2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ.
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
කටුවාන ගින්නට පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක් - ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක්
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට පිරිසක් කොටු වී ඇද්දැයි සැක මතුව තිබේ.
අද (21) උදෑසන ගින්න හට ගෙන තිබූ අතර මේ වනවිටත් ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටී.
ප්‍රදේශ කිහිපයකට තද සුළං
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විටින් විට තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.