උණුසුම් පුවත්
විපක්ෂ නායකවරයාගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය
යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට
මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත කෙරේ
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.
කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමක දී කුෂ් කිලෝ 09 ග්‍රෑම් 555ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට
පසුගිය දින කිහිපයේම පැවැති අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මිනිස් පරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු මත්කරල් 359,000ක් (තුන් ලක්ෂ පනස් නව දහසක්) සමග සැකකරුවෙකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද සිට පැය 30ක ජල කප්පාදුවක්
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද සිට (20) පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනපතිගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය
දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර ඇත.
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක 8ක් සඳහා අද (20) රාත්‍රි 9 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට
කැලණිවැලි මාර්ගයේ සිදුවූ දුම්රිය පීලි පැනීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අඳුර පරදා ආලෝකය ජය ගන්නා දීපාවලී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි.
මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් හෙට උදෑසන උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉෂාරාට තක්ෂිව හමු වූ හැටි හෙළිවෙයි
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.
තවත් දුම්රිය පීලිපැනීමක්
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
නිධන්වල රත්‍රං බව පවසා ජනතාව රවටන ජාවාරම හඹායන උකුස්සා
නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳ 'අද දෙරණ' උකුස්සා පසුගිය දිනක රට හමුවේ අනාවරණ කළේය.
ප්‍රංශයේ හිටපු ජනපතිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මකයි
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කෙරේ
අද (19) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) පස්වරුවේ සමත් විය.
විල්පත්තුවේ දී ගංවතුරට මැදි වූ සංචාරකයින් පිරිසක් බේරා ගැනේ
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයට පැමිණ සිටියදී, ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යළි පිවිසුම කරා යාමට නොහැකිව සිටි දෙස් විදෙස් සංචාරකයින් 30කට අධික පිරිසක් වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ නව විෂය නිර්දේශ කඩිනමින්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 01 සහ 06 ශ්‍රේණි සඳහා වන විෂය නිර්දේශය කඩිනමින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
බස් අනතුරක් - ළමුන් 09ක් ඇතුළු 12කට තුවාල
රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.