උණුසුම් පුවත්
සමීක්ෂණයකදී අවුරුදු 13-14 අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින්
පසුගිය 2024 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකදී අවුරුදු 13-14 දරුවන්ගෙන් 12%ක් අධිබරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙලෙස බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසයි.
මහනුවර තරුණිය මැරුවා ද? මැරුණා ද?
මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන විවාහක තරුණියෙකි.
අතුරුදන්වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක්
අතුරුදහන්වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බව අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
දකුණු අප්‍රිකාවේ HIV මර්දනයට අමෙරිකාවෙන් අරමුදල් සැපයීම නවතී
දකුණු අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
අයිස් සහ හෙරොයින් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් ග්‍රෑම් 750ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 115ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ සැකකරුවෙකු මීටියාගොඩ, එරනවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
වටරැක 'සුනීත පාසලේ' රැඳවුම් භාරයේ පසු වූ සිසුන් 06ක් සා.පෙළ විශිෂ්ට ලෙස සමත් වෙලා
පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරේ සුනීත පාසලේ ඉගෙනුම ලැබූ රැඳවුම් භාරයේ සිටින සිසුන් 06දෙනෙකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
අමෙරිකාව සහ ඉතාලිය ඡායාරූපයක් නිසා මත ගැටුමක
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී තිබේ.
රථ වාහන ආසන පටි නීතිය අද සිට තදට
ආසන පටි නීතිය අද (20) සිට බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
මාස 7කට පසුව නානුඔයෙන් බදුලු ගිය 'පොඩි මැණිකේ'
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාව අද (20) සිට යළි ආරම්භ කර තිබේ.
බ්‍රසීලයෙන් හයිටියට ප්‍රහාරයක් - තුර්කිය පැරගුවේ හමුවේ දණ නමයි
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) උදෑසන අවසන් වූ තියුණු තරග ද්විත්වයකින් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීමට ප්‍රබල බ්‍රසීලය සහ පැරගුවේ කණ්ඩායම් සමත් විය.
ඩොමිනිකන් ජනරජයේ හෝටලයක දැවැන්ත ගින්නක්
කැරිබියානු කලාපයේ සුප්‍රසිද්ධ සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ පිහිටි බයාහිබේ වෙරළ තීරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ ප්‍රගතිය සොයාබැලේ
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළඳ නැව් ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි - 11,790කට විෂයන් 9ටම A - 7,419ක් සියලුම විෂයන් අසමත්
2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.
සා.පෙළ ප්‍රතිඵල පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
2025 සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
අමෙරිකාවත් දෙවැනි වටයට - මොරොක්කෝවට තියුණු ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම නිමාවට පත් වූ තරග ද්විත්වයකින් ජයග්‍රහණ වාර්තා කිරීමට සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව සමත් විය.
රු. කෝටි 10කට අධික 'අයිස්' සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටුවෙයි
රු. කෝටි 10කට අධික වටිනාකමකින් යුත් 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ගෝණහේන STF විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රු. මිලියන 377ක හෂීෂ් සමග විදේශිකයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට
රුපියල් මිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන QR එක ඉවත් කිරීම ගැන තවදුරටත් අධ්‍යයනය කරයි
ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය යොදා ගැනීම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ප්‍රදේශ කිහිපයකට අද වැසි වාර කිහිපයක්
අද (20) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
රන් ආලේපිත ගිනිඅවිය - දුමින්ද යළි සැකකරුවෙකු කෙරේ
රන් ආලේපිත ටී-56 ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නැවත සැකකරුවකු ලෙස නම්කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (19) නියෝග කර තිබේ.
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ගසා කෑ ඩුබායි සුද්දා අධිකරණයේදී වරද පිළිගනී
සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරද පිළිගෙන තිබේ.
ඉරාන උත්තරීතර නායකයාට අමෙරිකානු ජනපතිගෙන් වාග් ප්‍රහාරයක්
සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා අල් කමේනි සිදු කළ ප්‍රකාශක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයෙන් යුතුව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.