උණුසුම් පුවත්
ආදායම් බදු සඳහා ලියාපදිංචි තැනැත්තන්ට නිවේදනයක්
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැ. 30 හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම් දී තිබේ.
පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්
මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක් අද (5) රාත්‍රියේ හටගෙන තිබේ.
දැදුරු ඔයේ ඛේදවාචකය - මියගිය ගණන 5ක් වෙයි
අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබේ.
ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.
සොහොයුරා බේරා ගන්න පොලීසියට සද්දෙ දැමූ මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට
හිඟුරක්ගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු තානාපති සමන් වීරසිංහට රුසියාවෙන් ඉහළම සම්මානයක්
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් "මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය" පිරිනමා තිබේ.
මෝටර් රථයක් දුම්රියක ගැටී වනවාසල දී අනතුරක්
වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක මෝටර් රථයක් ගැටී අද (5) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්
ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සිදුව තිබේ.
දැදුරු ඔයේ ගසාගෙන ගිය තරුණයෝ 4කගේ සිරුරු හමුවෙයි
අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් අතුරුදන්ව සිටි අයගෙන් තරුණයන් සිව්දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීමට කමිටුවක්
මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
දැදුරු ඔයේ ගිලී 4ක් අතුරුදන්
අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් තරුණයන් සිව්දෙනෙකු දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ.
වසර 17කට පසු නවසීලන්තයේ දී කොදෙව්වන්ට විස්සයි20 ජයක්
නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (5) පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිදන් හැරීමට ගිය 8ක් රිදීමාලියද්දේ දී අත්අඩංගුවට
රිදීමාලියද්ද ඌරාකොටේ කන්ද ප්‍රදේශයේ නිදන් හෑරු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ.
8වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹෙයි
8වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සංසදය අද (05) චීනයේ ශැංහයි නගරයේදී ආරම්භ කෙරුණි.
වනඅලි රක්ෂිතවලට පන්නන්නේ අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බවට අනාවරණයක්
හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වනඅලි රක්ෂිත තුළට පැන්නීමේ මෙහෙයුම්වලට පරිසර අමාත්‍යංශය අනුමැතියක් ලබා දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක් ද නොමැති බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසයි.
පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න මහ බැංකු අධිපති සූදානම්
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේනම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය කළ හේතුව හෙළිවෙයි
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.
ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු
අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි
ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.
කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.