උණුසුම් පුවත්
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැරසෙයි
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා පවසයි.
නවතම සංගණන වාර්තා අනුව මෙරට ජනගහනය
ශ්‍රී ලංකාවේ පවත්වන ජන සංගණන මාලාවේ 15 වන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 ක් බවට ගණනය කර තිබේ.
මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා - 'රටම එකට' ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
GovPay හරහා රු. මිලියන 500 කට අධික ගනුදෙනු
ශ‍්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු...
තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව
මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සේවය හැරගිය වෛද්‍යවරුගෙන් අය වියයුතු මුදල මිලියන 1277ක්
සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ලොවක් බලා සිටි චීන - අමෙරිකා ජනපති හමුව
චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුව අද (30) දකුණු කොරියාවේ Busan නගරයේදී සිදුව තිබේ.
'රටම එකට' ජාතික මෙහෙයුමේ සමාරම්භය
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
හෙට GMOA වැඩවර්ජනයක්
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
'රටම එකට - ජාතික මෙහෙයුම' අද සිට
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
නාඳුනන මෘත ශරීර තුනක්
මට්ටක්කුලිය සහ පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාඳුනන පිරිමි මෘත ශරීර තුනක් සොයාගෙන තිබේ.
ගිනිකොනදිග මුහුදේ දී ධීවර යාත්‍රාවක් අනතුරට
මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ.
අද කාලගුණය
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙලිසා කැරිබියානු දූපත් වනසයි
'මෙලිසා' සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි.
දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලෝක කුසලාන අවසන් සටනට
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය.
දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය ට්‍රම්ප්ට
දකුණු කොරියාවේ ඉහළම ජාතික සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිණමා තිබේ.
ඉන්දීය වීසා සම්බන්ධ සේවා ගැන දැනුම්දීමක්
ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය පවසයි.
දකුණු අප්‍රිකාවෙන් එංගලන්තයට වාර්තාගත ඉලක්කයක්
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් විය.
මාලිමා පා. ම ජගත් මනුවර්ණට වරෙන්තු
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබේ.
ඓතිහාසික හමුවකට දකුණු කොරියාව සූදානමින්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දිනයේ සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගල්කිස්ස අධිකරණයෙන් හමු වූ ගිනිඅවිය ගැන කරුණු හෙළිවෙයි
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද (29) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී
කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (29) දහවල් හැඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්
පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් හත්දෙනා නොවැම්බර් 4වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්
විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දිනයේ (28) පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව්දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.