උණුසුම් පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ ජනපති සහ රජය විවේචනය කළ පොලිස් නිලධාරියාට වැඩවරදී
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුවල තීන්දුව අද ප්‍රකාශයට
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති නඩුවල තීන්දු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
සමාගමක වෙළෙඳ රහස් වෙනත් සමාගමකට දුන් සේවකයෙකුට රුපියල් මිලියන 5ක් වන්දි ගෙවීමට නියෝග
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සමාගමක් සතු "නිෂ්පාදන රහස්" සහ "වෙළෙඳ රහස්" මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 5ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කටාන අනතුරෙන් පසුව කන්ටේනරයට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙංගු මරණ 62 දක්වා ඉහළට - රෝගීන් 84,000 පනී
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට ADBයෙන් ඩොලර් මිලියන 200ක්
මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
පොලිසියේ දෙදෙනෙකු ඇතුළු 3කට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස් නිලධාරින් දෙදෙනෙකුට හා සිවිල් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමකර තිබේ.
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නෑ - ජනපති
රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හමාස් ඇතුළු ගාසා සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට එකඟතාවක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් විසින් නම් කර ඇති "Board of Peace" මණ්ඩලය ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි.
අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71ක්
2026 වසරේ පළමු මාස 06 තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා 27%කින් ඉහළ ගොස් ඇති බවත් එම කාලය තුළ අයවැය හිඟයක් වෙනුවට රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ (2026 ජනවාරි-ජුනි ) සඳහන් වේ.
ගල්කිස්ස පන්සල පාරේ ඝාතන තැත - ගිනිඅවිය දුන් කාන්තාවක් කොටුවෙයි
ගල්කිස්ස, පන්සල පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට උත්සාහ දැරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හරක් කටා ඇතුළු විත්තකරුවන්ට එරෙහි නඩුව - PTA යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැක
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
මැලේසියාවේදී ඇල්ලූ සයිමා රහස් රැසක් හෙළිකරයි
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල තේවා රාජකාරී කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම අද (30) දින චාරිත්‍රානුකූලව සිදුවිය.
මිලිමීටර් 100ට වැඩි තද වැසි ගැන කාලගුණයෙන් පුරෝකථනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඇංග්ලිකන් සභාවෙන් දැඩි විරෝධයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ඇංග්ලිකන් සභාව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජර්මනියේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන 10,000කට ආසන්න වෙයි
වසරේ මේ වන විට ජර්මනියේ අධික රස්නය හේතුවෙන් පුද්ගලයින් 9,800ක් පමණ මියගොස් ඇති බව එරට ජර්මනියේ RKI සෞඛ්‍ය ආයතනය පවසා තිබේ.
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු මියයාම සම්බන්ධයෙන්, එම සිද්ධිය සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි ප්‍රධාන ජේලර්වරයා අද (30) අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්
දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතනවල කටයුතු වඩාත් විධිමත් කිරීම, පාලනය කිරීම සහ ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සැකකරුවන්ට දින 90ක් DO
බෙල්ලන්විල ඇවිදින මන්තීරුව අසළ අවන්හල් හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 90 රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ.
රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජාතික ශූර රුමේෂ් තරංග සමත් විය.
වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට
2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි
ප්‍රමිතියෙන් තොර හෙල්මට්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.