උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට ලකුණු 254ක ඉලක්කයක්

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 253/9ක් රැස්කිරීමට සමත් විය.

(0)Comments | October 11, 2025  6:55 pm

කළුතර පලාතොට වෙඩිතැබීමක්

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේ අද (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.

(0)Comments | October 11, 2025  6:40 pm

ලොවට සිරියක් දුන් ලංකාවේ නෙළු මල් ගැන නොදත් තොරතුරු

වසර 12කට වරක් දැකබලා ගැනීමට ලැබෙන 'නෙළු මල්' මේ දිනවල හෝර්ටන් තැන්න උද්‍යානයේ පිපී තිබේ. ලොව පුරා නෙළු ශාක විශේෂ 450ක් පමණ සමකය ආසන්න ආසියානු රටවල හා ඔස්ට්‍රේලියාවේ ව්‍යාප්තව පවතියි.

(0)Comments | October 11, 2025  6:16 pm

ඔක්තෝබරයේ මුල් දින 9ට සංචාරකයින් 46,868ක් මෙරටට

ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46,868ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

(0)Comments | October 11, 2025  5:54 pm

මහින්ද සහ මෛත්‍රී වෙඩි නොවදින රථ යළි ඉල්ලයි

සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

(0)Comments | October 11, 2025  5:39 pm

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි - ජනපති

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

(0)Comments | October 11, 2025  4:58 pm

ඉල්ලා අස්වූ ප්‍රංශ අගමැති යළි පත් කෙරේ

දින කිහිපයකට පෙර ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රංශ අගමැති සෙබෙස්තියන් ලෙකොර්නූ යළි එම තනතුරට පත් කිරීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පියවර ගෙන තිබේ.

(0)Comments | October 11, 2025  4:53 pm

මතුගම ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

(0)Comments | October 11, 2025  4:00 pm

ඩියෝල්ට කොලොප්පම් කළ ලාබාට වැඩ වරදියි

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයේදී ICC ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා නොන්කුලුලෙකෝ ලාබාට දඬුවම් ලකුණක් නියම කර ඇත.

(0)Comments | October 11, 2025  3:42 pm

චීන අපනයන මත අමෙරිකාව පැනවූ 100%ක අතිරේක තීරු බද්ද ශ්‍රී ලංකාවට බලපාන අයුරු

නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අමෙරිකාව වෙත සිදුකරන චීන අපනයන මත 100%ක අතිරේක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

(0)Comments | October 11, 2025  3:19 pm

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

(0)Comments | October 11, 2025  3:01 pm

කඳුකර ප්‍රජාවේ ප්‍රතිලාභී පවුල් 2,000කට නිවාස හිමිකම් 

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. 

(0)Comments | October 11, 2025  2:31 pm

2024 මැතිවරණය ආසන්නයේදී සතොස සේවකයින් 850ක් ස්ථිර කරලා - කෝප් කමිටුවේ දී හෙළිවෙයි

පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි. 

(0)Comments | October 11, 2025  2:29 pm

පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

පාකිස්තානයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මියගොස් තිබේ.

(0)Comments | October 11, 2025  2:11 pm

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | October 11, 2025  1:09 pm

සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවට අනාවරණයක්

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

(0)Comments | October 11, 2025  1:08 pm

‍ආචාරධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසිකරයි

නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

(0)Comments | October 11, 2025  12:44 pm

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

(0)Comments | October 11, 2025  12:21 pm

චීනයේ පළමු ශ්‍රී ලංකා අවහන්හල බෙයිජිං හි විවෘත කෙරේ

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සියලු සාම්ප්‍රදායික ආහාර පානාදිය සමඟින් ශ්‍රී ලාංකික අවන්හලක් චීනයේ බෙයිජිං හිදි පසුගියදා විවෘත කෙරිණි.

(0)Comments | October 11, 2025  12:08 pm

රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

(0)Comments | October 11, 2025  11:39 am

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 5ක් මේජර් ජෙනරාල් නිලයට

76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. 

(0)Comments | October 11, 2025  11:18 am

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාරියපොළට ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක්

රජය විසින් ආරම්භ කර ඇති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත් එක් වැදගත් පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ ප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කෙරිණි.

(0)Comments | October 11, 2025  10:28 am

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2014  වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී  හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි. 

(0)Comments | October 11, 2025  9:20 am

ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්

චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

(0)Comments | October 11, 2025  8:17 am

යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | October 11, 2025  7:51 am