උණුසුම් පුවත්

රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි

රත්මලාන ගුවන්තොටුපළෙන් පුහුණුවීම් සඳහා අද (15) ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය යළි ගොඩබස්වා තිබේ. 

(0)Comments | July 15, 2026  3:30 pm

සේවක හිඟය සහ අතිකාල ගැටලු නිසා උප දුම්රිය ස්ථාන 03ක් වසා දමයි

පුත්තලම් මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (14) දින සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

(0)Comments | July 15, 2026  3:16 pm

හිටපු ඇමති කුමාර ජයකොඩිගේ නඩුව විභාගයට ගැනීමට දින දෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

(0)Comments | July 15, 2026  2:40 pm

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයාට ඇප

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක ඇප මත මුදාහැර තිබේ.

(0)Comments | July 15, 2026  2:34 pm

මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රීලන්කන් ගුවන්යානා

කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් වෙත සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා 02ක් මෙලෙස යුද්ධයට මැදිව ඇත්තේ, එම කලාපයේ පැවති යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙනි.

(0)Comments | July 15, 2026  1:06 pm

ආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැණීම් අවසන් 

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදු කෙරුණු කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) අවසන් කෙරුණි. 

(0)Comments | July 15, 2026  12:46 pm

රුසියානු තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක් 

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පවත්වා තිබේ. 

(0)Comments | July 15, 2026  12:16 pm

හොර මත්පැන් බෝතල් 5,575ක් සමඟ අයෙක් කොටුවෙයි

නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 15, 2026  11:35 am

Facebook වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

(0)Comments | July 15, 2026  11:13 am

අනුරපුරේ මාරක අනතුරක් - 2ක් මරුට - ගැබිනියක් ICU

අනුරාධපුර, මිහිඳුපුර ප්‍රදේශයේ දී අද (15) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | July 15, 2026  11:09 am

ජූලි අස්වැසුම අද බැංකුවට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

(0)Comments | July 15, 2026  10:49 am

හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | July 15, 2026  10:41 am

ඡන්දෙට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු ලබාදීමට අනුමැතිය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත්ව නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ලෙස තේරී පත්වන දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට මසකට දින 06ක් වැටුප් සහිත නිවාඩු ලබා ගැනීමට හෝ වැටුප් රහිත නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | July 15, 2026  10:26 am

ඩෙංගු මරණ 49යි - සමස්ත රෝගීන්  71,000 ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

(0)Comments | July 15, 2026  9:56 am

මිල්ලනිය ප්‍රා.ස. මාලිමා සභාපතිට මරණ තර්ජන

ජාතික ජන බලවේගයට බලය හිමි මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතුංග ගමගේ සමන් සුජීව මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

(0)Comments | July 15, 2026  9:14 am

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

(0)Comments | July 15, 2026  8:26 am

එක්සත් රාජධානියේ දරුවන්ට රාත්‍රී සමාජ මාධ්‍ය සීමාවක්

වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.

(0)Comments | July 15, 2026  8:13 am

බිම්මල් වගාවටත් රක්ෂණාවරණයක්

බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.

(0)Comments | July 15, 2026  7:53 am

දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරේ.

(0)Comments | July 15, 2026  7:19 am

ලෝක තෙල් මිල මාසයක් තුළ ඉහළම සීමාවට

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ.

(0)Comments | July 15, 2026  7:11 am

වසර 16කට පසු ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0කින් පරාජය කළ ස්පාඤ්ඤය, 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

(0)Comments | July 15, 2026  6:26 am

​ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අදින් ඇරඹේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද (15) දින සිට ආරම්භ වීමට නියමිතය.

(0)Comments | July 15, 2026  6:22 am

තැන තැන හමුවෙන මළ සිරුරු

ගලේවෙලින් සහ දැරණියගලින් මෘත ශරීර දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

(0)Comments | July 15, 2026  5:42 am

හෝමුස් යළිත් යුද පිටියක් වෙයි : අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබේ.

(0)Comments | July 15, 2026  5:20 am

අදත් වියළි කාලගුණයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

(0)Comments | July 15, 2026  5:10 am